යලිත් හිස ඔසවන ඩෙංගු රෝගය.

මෙරටින් ඩෙංගු රෝගීන් නැවතත් හිස ඔසවමින් පවතින බව වාර්තාවේ. ඩෙංගු රෝගීන් 2142 දෙනකු 2023 වසරේ පළමු සතියේ හදුනාගෙන තෙබෙන බව වාර්තාවේ

ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසන්නේ ජනවාරි මස 2 දින සිට 7 වන දා තෙක් කාලසීමාව තුල මෙම රෝගීන් වාර්තා වූ බවයි.

ඒ අනුව රෝගීන් වැඩිම ප්‍රමාණයක් වන 440 ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද කොළඹ දිස්ත්‍රික්කයේන් රෝගීන් 433ක් ද  පුත්තලම  දිස්ත්‍රික්කයේන් රෝගීන් 273ක් ද කල්මුනේ  දිස්ත්‍රික්කයේන් රෝගීන් 147 ක් ද යාපනය   දිස්ත්‍රික්කයේන් රෝගීන්  128 දනෙකු වශයෙන් මෙම කාලය තුල වාර්තාවේ.

වැඩිදුරටත් කරුණු දක්වමින් ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසන්නේ මෙම දිස්ත්‍රික්කයන්ට අමතරව කළුතර, මහනුවර දිස්ත්‍රික්ක වලින් රෝගීන් සියයකට අදික ප්‍රමාණයක් වාර්තා වන බවයි.

තම නිවස අවට පරිසරය ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන අවම කොට පිරුසිදුව තබාගෙන මදුරුවන් ගෙන් හා ඩෙංගු රෝගයෙන් තොර වටපිටාවක් නිර්මාණය කර ගැනීම උදෙසා  රටේ මහජනතාව විසින් සිදුව්විය යුතු වගකීම් කොටස නිසියාකාරව සිදු කිරීම මහජනතාවගේ වගකීමකි.

Exit mobile version