යළිත් කොවිඩ් මරණ සහ ආසාදිතයින්ගේ ඉහළ යාමක්

ඊයේ (13) දිනයේ දී අඛණ්ඩව තෙවන දිනටත් කොවිඩ් ආසාදිතයින් 700 සීමාව ඉක්මවා ගොස් ඇත.

ඒ ඊයේ දිනයේ දී තවත් ආසාදිතයින් 716 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ,ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව පසුගිය 11 වනදා ද 700 සීමාව ඉක්මවා යමින් වාර්තා වූ අතර මේත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවර නැවතත් සීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතියි.

ඒ මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 549,500 ලෙස ඉහළ යමින් වන අතර ඉන් මේ වන විට ආසාදිතයින් 523,503 දෙනෙකු සුවය ලබා ඇති බව ද වාර්තා වේ.

ඒ අනුව මේ වන විට 12,025 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටින බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ද සඳහන් කරයි.

Exit mobile version