අද(24) අලුයම 3 සිට ක්‍රියාත්මක වන පරිදි නැවතත් ඉන්ධන මිල ඉහළ දමා ඇත.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල සඳහන් වන්නේ රුපියල් 420.00ක් ලෙසින්. එහි පැරණි මිල පැවතියේ රුපියල් 337.00ක් ලෙසට යි.
එමෙන්ම ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 450.00ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එහි පැරණි මිල සටහන් වූයේ රුපියල් 373.00ක් ලෙසට යි.
රුපියල් 289.00ට මිල කර තිබූ ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 400ක් දක්වා රු.111කින් ඉහළ දමා තිබේ.
මීට පෙර රුපියල් 329.00ට මිල කර තිබූ සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 445.00ක් දක්වා ඉහළ දමා තිබෙනවා.