යාපනයට ජල ගැල්මක්.

දින කිහිපයක් පුරාවට දිවයිනට බලපෑ අධික වර්ෂාව හමුවේ යාපනය නගරයේ ජල ගැලීම් තත්ත්වයක් හටගෙන තිබේ.

ජල ගැල්මෙන් යාපනය ප්‍රධාන බස් නැවතුම්පොළ ඇතුලුව ප්‍රධාන මාර්ග කිහිපයක් ජලයෙන් යටවී ඇති බැවින් වෙළඳසැල් හිමියන් මෙන්ම සාමාන්‍ය ජනතාව ද පීඩාවට පත්ව ඇති බව වාර්තා වේ.

මෙනිසා ජනතාවගේ දෛනික කටයුතු සඳහා ද බලපෑම් එල්ලව ඇත.

යාපනය නගරයේ ජලාපවාහන පද්ධතිය නිසි ලෙස  නොතිබීම හේතුවෙන් සුලු වර්ෂා තත්ත්වයකදී වුව ද ජල ගැලීම් ඇති වන බව නගරයේ මාර්ග ඇතුලු වෙළඳසැල් ජලයෙන් යටවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් වෙළඳසැල් හිමියන් සඳහන් කර  ඇත.

Exit mobile version