යාපනයේ අල්ලෙයිපිඩ්ඩි රන්දම් ප්‍රදේශයේ ඉඩමකින් මිනිස් ඇට සැකිළි කොටස් කිහිපයක් ඊයේ (21) හමු වූ බව වාර්තා වේ.
රන්දම් ප්‍රදේශයේ ඉඩමක ගෙපළක් කැපීමට සූදානම් වූ පුද්ගලයෙකුට මෙම මිනිස් ඇටසැකිල්ලක කොටස් කිහිපයක් හමු වී ඇති අතර ඔහු ඒ සම්බන්ධයෙන් යාපනය පොලිසියට දැනුම් දී ඇති බව සදහන්.
අනතුරුව එම ස්ථානය සුරක්ෂිත කර , මහජනයාට ඇතුළුවීමට තහනම් ප්‍රදේශයක් බවට පත් කර ,අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර එම ස්ථානයේ කැණීම් කටයුතු ආරම්භ කිරීම සදහා ඉදිරිපියවර ගන්නා ලෙස අධිකරණය විසින් පොලිසිය වෙත දැනුම්දී තිබේ.
ඒ අනුව එම ස්ථානයේ කැණීම් කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය පියවර යාපනය පොලිසිය විසින් සිදු කරන බව වාර්තා වේ.
