යාපනය නගර සභාව ඉදිරිපිට අද (19) අයෙකු උපවාසයක් ආරම්භ කර තිබෙන බවට වාර්තා වේ.
යාපනය නගර සභාවට අයත් පේදුරුතුඩුව ප්රදේශයේ පිහිටි සිය නිවස ආසන්නයේ ඇති ගොඩනැගිල්ලකින් සිය නිවසට කැළි කසල දමන බවත් ඒ පිළිබඳව නගර සභාව දැනුවත් කළද කිසිදු ක්රියාමාර්ගයක් නොගැනීම හේතුවෙන් පීඩාවට පත් ඔහු මෙලෙස උපවාසයේ නිරත වේ.
උපවාසකරු සමග යාපනය නගර සභා නිලධාරින් සාකච්ඡා කළද ඔහු උපවාසය අතනොහැර එම ස්ථානයේම රැදී සිටී.
