යාල සිද්ධිය සම්බන්ධයෙන්  ජනපති ලබාදුන් උපදෙස්.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාල වනෝද්‍යානයේ සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කරන ලෙසට උපදෙස් ලබා දී ඇති බවයි කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ.

මේ වන විටත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 09 දෙනෙකු පොලිසිය භාරයේ සිටින බව වාර්තා වී ඇත.

යාල වනෝද්‍යානයේ සතුන් වෙනුවෙන් පමණක් වෙන්ව පවතින සංවේදී කලාපයක සතුන්ට හිංසාවන අයුරින් ජීප් රථ පදවමින් අපරික්ෂාකාරී ලෙස හැසිරුනු බවට චෝදනාවන් මෙම පුද්ගලයින්ට එල්ලවී ඇත.

Exit mobile version