ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත යුක්රේන ජනපති වොලඩිමියර් සෙලෙන්ස්කි විසින් දුරකථන ඇමතුමක් ලබා දී තිබේ.
මෙම ඇමතුම තුළින් යුක්රේන ජනපති ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත්තේ රුසියාව සමග සාම වැඩපිළිවෙළක් දියත් කිරීම සඳහා උපකාර කරන ලෙසයි.
රුසියාවට අමෙරිකාව, බ්‍රිතාන්‍ය ප්‍රමුඛ යුරෝපා රටවල් සම්බාධක පනවන කාල සීමාවක් තුළ ඉන්දියාව විසින් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනයා කරනවා මෙන්ම චීනයට අමතරව රුසියාවෙන් බොරතෙල් ලබාගන්නා දෙවන විශාලම රට වන්නේ ද ඉන්දියාවයි.
මෙම සාධක පදනම් කරගෙන ඉන්දියාව රුසියාවට පක්ෂපාතී වීමට තීරණය කළහොත් ඉන් යුක්රේනයට අවාසියක් වන බවයි ජනපති සෙලෙන්ස්කි ප්‍රකාශ කර ඇත්තේ.
