යුගදනවි ගැටලුව පිළිබඳ පැහැදිලි කිරීමක් ලබන සතියේ කැබිනට් මණ්ඩලයට

කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරය සම්බන්ධයෙන් පැනනැගී ඇති ගැටලුව පිළිබඳ කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමට මුදල් අමාත්‍යංශය පියවර ගෙන ඇත.

ඒ අනුව ලබන සඳුදා දිනයේ පැවැත්වෙන කැබිනට් මණ්ඩලයේ දී යුගදනවි බලාගාරය සහ අමෙරිකානු සමාගමක් අතර අත්සන් කර ඇති ගිවිසුම පිළිබඳව මුදල් අමාත්‍යංශය විසින් කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමට නියමිතව ඇත.

යුගදනවි ගිවිසුම සම්බන්ධයෙන් පාර්ශව කිහිපයක් මේ වන විටත් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර ඇති අතර අදාළ පෙත්සම් එළඹෙන 16 සහ 17 දෙදින පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීමට නියමිතව ඇත.

Exit mobile version