යුද හමුදා විශ්‍රාමික නිලධාරියාට වසර 15 ක සිර දඩුවමක්.

ඥාති සහෝදරියගේ බාල වයස්කාර දියණිය දුෂණය කිරීමේ චෝදනාවට වැරදිකරු වූ යුද හමුදා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා වසර 15ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කර ඇති බව වාර්තා වේ.

වසර 24කට ඉහත කළ වරද සඳහා නියම කළ සිරදඬුවමට අමතරව අතවරයට ලක් වූ බාල වයස්කාර දියණියට රුපියල් ලක්ෂ 2 1/2ක වන්දි මුදලක් ගෙවීමටද විත්තිකරුට නියම කළ විනිසුරුවරයා රුපියල් 25000/-ක දඩයකටද ඔහු යටත් කළ බව සදහන්.

2009 අගෝස්තු පළමු වැනිදාත් 31 වැනිදාත් අතර කාලය තුළ සිය ඥාති සහෝදරියගේ වයස අවුරුදු 16 ට අඩු බාල වයස්කාර දියණිය දුෂණය කළ බවට විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා නඩු පවරා තිබේ.

මේ සම්බන්ධයෙන් පැවති දීර්ඝ නඩු විභාගය අවසානයේදී විත්තිකරුට එරෙහි චෝදනා පැමිණීල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරයා අදාළ චෝදනාවන්ට ඔහු වරදකරු බවට තීරණය කළ බව වාර්තා වේ.

Exit mobile version