යුනිසෙෆ් සහ ජාතික ජන බලවේගය අතර හමුවක්.

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල සහ ජාතික ජන බලවේගය අතර හමුවක් ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී අද (20) පෙරවරුවේ පැවැත්වුණු බව වාර්තා වේ .

මෙම අවස්ථාව සඳහා යුනිසෙෆ් සංවිධානය වෙනුවෙන් ශ්‍රී ලංකා නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් සහ දකුණු ආසියානු කලාප අධ්‍යක්ෂ සංජය වීරසේකර යන මහත්වරුද , ජාතික ජනබලවේගය වෙනුවෙන් නායක අනුර කුමාර දිසානායක, ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ සහ ජාතික විධායක සභික නීතිඥ හර්ෂණ නානායක්කාර මහත්වරුන් සහභාගී වූ බව සඳහන් .

මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හේතුවෙන් ළමුන්ට මුහුණපෑමට සිදු වී ඇති ගැටලුකාරී තත්වයන් සහ ඔවුන්ගේ පෝෂණ මට්ටම්වල ගැටලු පිළිබඳව දෙපාර්ශ්වය අතර දීර්ඝව සාකච්ඡා කෙරුණු අතර යුනිසෙෆ් සංවිධානය විසින් මෙරට දරුවන් වෙනුවෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එම සංවිධානය පැහැදිලි කරන ලදී .

Exit mobile version