ශ්‍රී ලංකාවේ තිරසාර කාර්මික සංවර්ධනය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 23කට ආසන්න මූල්‍යාධාරයක් ලබා දීමට යුරෝපා සංගමය පියවර ගෙන ඇත.
ඒ අනුව අමෙරිකානු ඩොලර් මිලියන 22.83ක් සහ යුරෝ මිලියන 18.75ක් මෙරටට ලබා දී ඇති බව එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත ආචාර්ය Rene Van Berkel මහතා ප්‍රකාශ කර ඇත.
ඔහු මේ බව සඳහන් කරන ලද්දේ ශ්‍රී ලංකාවේ කර්මාන්ත සංවර්ධනය සඳහා වන එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානයේ ජාතික සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ රැස්වීමට සහභාගී වෙමිනි.
මෙරට කාර්මික සංවර්ධන ව්‍යාපෘති සඳහා මෙන්ම දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් කටයුතු කිරීම, බලශක්ති කළමනාකරණය සහ පුනර්ජනනීය බලශක්ති වැනි අංශයන් හි සංවර්ධනය සඳහා එම මූල්‍යාධාර වෙන් කර ඇති බව සඳහන් වේ.
