යොවුන් වියේ දරුවන් ඉන්නා දෙමාපියන් වෙත පණිවිඩයක්

රට තුළ පවත්නා කොරෝනා තත්ත්වය හේතුකොට ගනිමින් ගෙවල්වලටම සීමා වී සිටින දරුවන්ගේ කාන්සිය නැති කර ගැනීම සඳහා ඔවුන් දුරකථන ක්‍රීඩාවල යෙදීමට බහුල වශයෙන් යොමු වී ඇත.

අද වන විට දරුවන් බොහෝමයක් මෙම දුරකථන ක්‍රීඩාවලට ඇබ්බැහි වීමක් සිදුව ඇති අතර මේ වන විට එනිසා ගැටලුකාරී තත්ත්වයන් වර්ධනය වී ඇත.මේ නිසා බොහෝමයක් දෙමාපියන්ද දැඩි දුෂ්කරතාවයන්ට ලක්ව ඇති බව වාර්තා වයි.

මෙම ගැටලුව පිළිබඳව සලකා බලා ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට හා විශේෂඥයින් විසින් උපදෙස් ලබා දීමට සැලසුමක් සකස් කර ඇත.

ඒ අනුව අද (19) දින සවස 4.00ට අන්තර්ජාලය ඔස්සේ මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් සිංහල මාධ්‍යයෙන් පැවැත්වීමට නියමිතව ඇත.

ඔබත් යොවුන් වියේ දරුවන් සිටිනා මවක් හෝ පියෙක් නම් මේ පිළිබඳව ඔබගේ ද අවධානය යොමු කරන්න.Zoom තාක්ෂණය ඔස්සේ මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත අතර ඊට අදාළ ලින්ක් සහ පාස් වර්ඩ්  ආදිය පහතින් ,

Join Zoom meting. : https://us02web.zoom.us/j/81492546754?pwd=WGd5YlpwV3VKVUYySVBQZkJCRmxwZz09

Meeting ID – 814 9254 6754

Pass code – 963762

Exit mobile version