යෝගට්, චීස්, චොකලට් ඇතුළු භාණ්ඩ රැසක මිල දෙගුණ තෙගුණ වෙන්නේ මෙහෙමයි.

HMS Kent carries out manoeuvres with French Ship FS Charles De Gaulle(not pictured) as the pair form part of Combined Task Force (CTF) 473 off the coast of Djibouti. HMS Kent entered the port of Djibouti for a five day stop as part of the Combined Task Force (CTF) 473. The task force was led into Djibouti by the French Aircraft Carrier, FS Charles De Gaulle.

HS කේත 369ක භාණ්ඩ ආනයනය සඳහා පනවා තිබූ බලපත්‍ර ක්‍රමය ඊයේ (ජූනි 1) සිට ඉවත් කිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබෙන අතර අදාළ භාණ්ඩ සඳහා අය කරන ආනයනික බදු, රේඟු සහ අධිභාර ගාස්තුද ඉහල දමා තිබේ.

යෝගට්, චීස්, මිදි, ඇපල් ඇතුළු ආනයනික ආහාර වර්ග රැසක ම බදු ඉහළ යන අතර යෝගට් ආනයනයේදී කිලෝග්‍රෑමයකට පනවා තිබූ රුපියල් 1,000ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ධ කිලෝග්‍රෑමයට රුපියල් 2,000 දක්වා ද, සියලු ම වර්ගවල චීස් සඳහා කිලෝ ග්‍රෑමයකට පනවා තිබූ රුපියල් 400ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 600 දක්වා ද , දොඩම් ආනයනයේදී කිලෝග්‍රෑමයට රුපියල් 200 ක්ව තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 600 ක් දක්වා ඉහළ ඉහල නංවා ඇති අතර මිදි සහ ඇපල් ආනයනයේදී පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 300 සිට රුපියල් 600 දක්වා වැඩි වී තිබේ.

එසේම  තිරිඟු පිටි ආනයනයේදී රේගු බදු මත පනවන අධිභාර ප්‍රතිශතය ලෙස සියයට 75 ක අධිභාරයක් පැනවීමට ද ,චොකලට් සහ කොකෝවා ආනයනයේදී සියයට 50ක අධිභාර ප්‍රතිශතයක් අය කර ගැනීමට ද තීරණය කර තිබෙන අතර  බියර්, වයින්, විස්කි, වොඩ්කා ඇතුළු විදේශීය මත්පැන් සඳහා රේගු බදු මත පනවන අධිභාරය 100%ක් දක්වා ඉහළ දමා තිබේ.

තවද විදේශීය දුම්වැටි සඳහා ද 100%ක අධිභාරයක් අය කරගන්නා අතර විදේශීය සුවඳ විලවුන් සඳහා සියයට 75ක අධිභාරයක්ද, විදේශීය ෂැම්පු වර්ග සඳහා සියයට 75%ක අධිභාරයක් ද, මොටර් රථ, යතුරු පැදි සහ ත්‍රිරෝද රථ සඳහා ටයර් ආනයනය කිරීමේදී ද රේගු බද්ද මත 50%ක අධිභාරයක් ද, විදේශීය පාවහන් සඳහා රේගු බද්ද මත පනවා ඇති අධිභාර ප්‍රතිශතය සියයට 75 ක්ද, ශීතකරණ, රෙදි සෝදන යන්ත්‍ර, විදුලි උදුන් ආනයනයේදී 100%ක අධිභාරයක් ද, වායුසමීකරණ යන්ත්‍ර ආනයනයේදී රේගු බද්ද මත 100%ක අධිභාරයක් ,  සංගීත භාණ්ඩ ආනයනය කිරීමේදී ද 100%ක අධිභාරයක් ද  පනවා තිබේ.

Exit mobile version