ශ්‍රාවස්තිපුර යෝධ ඇළෙහි සොරොව් හයක් කඩා එහි තිබූ තඹ හා යකඩ සොරා ගෙන ඇති බවට නාච්චදුව ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාලය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
සොරොව් කැඩීම පිළිබඳව ඉංජිනේරුවරයෙකු විසින් අනුරාධපුර පොලිසිය දැනුවත් කිරීමටද පියවර ගෙන තිබේ.
එසේම මත්ද්‍රව්‍ය ලෝලින් විසින් මෙම සොරකම සිදුකර ඇති බවත් මෙම සොරකමෙන් සිදු වූ අලාභය ලක්ෂ හයකට අධික වන බවත් එම කාර්යාලයේ නිලධාරින් ප්‍රකාශ කල බව සදහන්.