රක්ෂණ සමාගම් ලොක්කෙකුට වෙඩි තැබූ කල්ලිය මාට්ටු.

රක්ෂණ සමාගම් අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයෙකුට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව සිව්දෙනෙකු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් අද (11) දින අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් පිරිස අතර මාතර දිස්ත්‍රික් විවිධ සේවා සමූපකාර සමිති සභාපතිවරයෙකුද සිටින බව සදහන්.

වෙඩි තැබීමට යොදාගත් මිලි මීටර නවය වර්ගයේ ගිනි අවියද පොලිසිය විසින් සොයාගෙන තිබේ.

Exit mobile version