වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනය යළි ක්‍රියාත්මක කරන්නේ ද? නැද්ද යන්න පිළිබඳ තීරණය අද (04) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව තීරණය වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරයි.
අදාළ සාකච්ඡාව අද පෙ.ව.11.00 ට අරලියගහ මන්දිරයේ දී පැවැත්වීමට නියමිතව තිබුණි.
වෙවද්‍යවරුන් විසින් ඉල්ලීම් 07ක් මුල්කරගනිමින් එම වැඩවර්ජනය පසුගියදා ක්‍රියාත්මක කළ අතර අඛණ්ඩව දින04ක් එය පැවතිනි.
අනතුරුව වැඩවර්ජනය තාවකාලිකව නවතා දමමින් අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡාවක් සඳහා එළඹින.
