මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේ පවත්නා ආර්ථික අර්බුදය හමුවේ තාවකාලිකව ආනයනය අත්හිටුවන ලද භාණ්ඩ ආනයනය, ප්‍රමුඛතාව මත ලිහිල් කිරීමට රජය සූදානම් බවයි.
රාජ්‍ය අමාත්‍යවරයා අද (29) පස්වරුවේ ආනයන සහ අපනයන පාලන දෙපාර්තමේන්තු මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් මේ බව සඳහන් කර ඇත.
එහි දී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ දේශීය වශයෙන් නිෂ්පාදනය කළ හැකි හෝ අත්‍යවශ්‍ය නොවන පදනම මත අදාළ භාණ්ඩවලට ආනයන සීමා පැනවූ බවයි.
එමෙන්ම ඉදිරිපත් වන ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් ඉදිරියේ දී තවදුරටත් ආනයන සීමා ලිහිල් කිරීමට කටයුතු කරන බවත්, සංචිත ආරක්ෂා කරගැනීම සඳහා සේම දේශීය කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීමට හැකි වන අයුරින් ආනයනය සීමා ලිහිල් කිරීමට ද රජය අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා පෙන්වා දෙන ලදී.
