රජය මැතිවරණයට බය පාර්ලිමේන්තුව විසුරුවා හරින්න වෙන නිසා. ජී එල් කියයි

රජය පසුගිය මාස දෙක හමාරක කාලයේ දී පළාත් පාලන මැතිවරණය වැළැක්වීම සඳහා උත්සාහ කලේ සහ තවමත් උත්සාහ කරන්නේ පළාත් පාලන මැතිවරණය හරහා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනරැල්ලක් ගොඩනැගෙන බව දන්නා නිසා බව නිදහස ජනතා සභාවේ කැඳවුම්කරු, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි.ඒ මහතා මේ බව පැවසුවේ කොළඹ දී අද (23) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ඔහු මෙහිදී සදහන් කලේ, මැතිවරණය වැළැක්වීම සදහා අවස්ථා 7ක් උත්සාහ ගනු ලැබුවත්, සියල්ල අසාර්ථක වූ බවත් පළාත් පාලන මැතිවරණය මාර්තු 9 වැනිදා අනිවාර්යයෙන් පැවැත්වෙන බවට කිසිම සැකයක් නැති බවද සදහන් කරන ලදී.

මෙහිදී ඔහු වැඩි දුරටත්ක සදහන් කලේ මැතිවරණ කටයුතු ආරම්භ වී ඇති අවස්ථාවක අලුත් මැතිවරණ කොමිෂන් සභාවක් පත්කරන්නට ඔවුන් උත්සාහ දැරුවහොත් එය දේශපාලන සදාචාරයට නොගැළපෙන්නක් බවය. පළාත් පාලන මැතිවරණයේ එකම අරමුණ ප්‍රාදේශීය සභා නගර සභා සාමාජිකයන් පත්කිරීම පමණක් නොව රජයේ ක්‍රියාකාරකම් ජනතා අධිකරණයේ තීන්දුව ලබාදීමට මෙය හොඳම අවස්ථාවක් බව ද මන්ත්‍රීවරයා පෙන්වා ප්‍රකාශ කරන ලදී .

මෙම මැතිවරණය හරහා පාර්ලිමේන්තුව විසුරුවා හරින්නට ජන රැල්ලක් ගොඩනැගෙන බව ආණ්ඩුව දන්නා බවත්, මැතිවරණය සඳහා පාර්ලිමේන්තුව වෙන්කළ මුදල ලබාදීම අසීරු බව පැවසීමට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට කිසිම අයිතියක් නැති බවත් ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේය.

Exit mobile version