රටේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යුද හමුදාපතිගෙන් ප්‍රකාශයක්

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ රට තුළ පනවා තිබූ සංචරණ සීමා ඉවත් කිරීමත් සමග ජනතාව වගකීම් විරහිත අයුරින් කටයුතු කරන අයුරක් පෙනී යන බවයි.

පනවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට පටහැනිව ජනතාව මේ වන විට ක්‍රියා කරන අතර එතුළින් නැවතත් රට තුළ අවදානම් සහගත තත්ත්වයක් උදාවීමේ හැකියාව ඇත බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පෙන්වා දෙන්නේ.

වර්තමානය වන විට දිනකට කොවිඩ් මරණ 10 – 25ත් අතර ප්‍රමාණයක් සිදුවන අතර කොවිඩ් ආසාදිතයින් ද දිනකට 500 – 600ත් අතර සංඛ්‍යාවක් වාර්තා වන බවයි යුද හමුදාපතිවරයා පෙන්වා දෙන්නේ.

යුද හමුදාපතිවරයා සඳහන් කරන්නේ නිවසින් පිටවන සෑම අවස්ථාවකම නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් වගකීමෙන් යුතුව කටයුතු කිරිම අනිවාර්යය බවයි.

Exit mobile version