රටේ වගකීම බාරගන්න ඕනි පාර්ලිමේන්තුවේ විපක්ෂවල නායකයෝ – ආචාර්ය කරුණාරත්න පරණවිතාන


රටේ වගකීම බාරගන්න ඕනි පාර්ලිමේන්තුවේ විපක්ෂවල නායකයෝ බව හිටපු අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා ඊයේ (09) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කරන ලදී.

මාධ්‍යවේදියෙකු ප්‍රශ්නයක් අසමින් ” ඊයේ පාර්ලිමේන්තුවේදී විපක්ෂනායකතුමා හෝ අනුර කුමාර දිසානායක මහතා වර්තමාන තත්වයෙන් ශ්‍රී ලංකාව ගොඩ ගැනීමේ වගකීම භාරගැනීම ප්‍රතික්ෂේප කළා. පාඨලී චම්පික රණවක මහතා එම වගකීම බාරගැනීමට සූදානම්දැයි ” විමසන ලද ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමින් ඒ මහතා එසේ ප්‍රකාශ කරන ලදී.

එහිදී ඒ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කලේ චම්පික රණවක මැතිතුමා පක්ෂයක නායකයෙන් නොවන නමුත් ජාතික නායකයෙක් බවත් එම විපක්ෂ කණ්ඩායම් කැමති නම් මේ ගලවා ගැනීමේ මෙහෙයුමේ වගකීම බාරගැනීමට සූදානම් බවයි.

Exit mobile version