එළඹෙන බ්‍රහස්පතින්දා දිනයේ රටේ වර්තමාන ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව ඇත.
මෙම විශේෂ ප්‍රකාශය පාර්ලිමේන්තුවේ දී සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.
පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් පවත්වා ඇති අතර එහි දී මේ පිළිබඳ සාකච්ඡා කර ඇත.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පෙන්වා දුන්නේ රටේ පවතින වත්මන් ආර්ථික තත්ත්වය සහ ජාත්‍යන්තර සහයෝගය පිළිබඳ ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් පාර්ලිමේන්තුවේ දී සිදු කිරීමට නියමිතව ඇති බවයි.
















































