රට ගිය ගෝඨාභය මැලේසියාව හරහා යළි දිවයිනට

විදේශගතව සිටි හිටපු ජානධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (26) රාත්‍රී යළි මෙරටට පැමිණියේය.මැලේසියානු ගුවන් සේවයට අයත් යානයකින් මැලේසියාවේ ක්වාලලම්පූර් සිට පැමිණි ඔහු සමග අයෝමා රාජපක්ෂ මහත්මිය සහ පෞද්ගලික ලේකම්වරයාද විය.

රාජපක්ෂ මහතා චීනයේ සහ මියන්මාරයේ සංචාරය කළ බව ආරංචි මාර්ග පවසන අතර මෙය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ 14 වැනි චීන සංචාරය බව රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග පවසයි . ඔහු ජනාධිපති ධූරයට පත් වන්නට පෙර 13 වතාවක් චීනයට ගොස් ඇති බව සදහන් වේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා රජයෙන් ලබා දී ඇති බෞද්ධාලෝක මාවතේ නිවසේ රැදී සිටීමට ප්‍රියතාවක් නොදක්වන අතර ඔහු ඒ වෙනුවට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා තාවකාලිකව විසු ස්ටැන්මෝ චන්දුවංකයේ පිහිටි නිවසක් ඉල්ලා තිබුණද එම නිවස විදේශ අමාත්‍ය අලි සබ්‍ රි මහතාට ලබා දීමට රජය කටයුතු කර ඇති අතර ඔහු බොහෝ විට මිරිහාන පෞද්ගලික නිවසේ ගත කරනු ඇතැයි එම ආරංචි මාර්ග සදහන් කළේය.දැනට ලබා දී ඇති නිවස මහා මාර්ගයට ආසන්න බැවින් පවතින දැඩි ඝෝෂාකාරී තත්ත්වය හේතුවෙන් ඔහු එම නිවසට ප්‍රිය නොකරන බව ආරංචි මාර්ග සදහන් කරයි.

( ලංකා සර )

Exit mobile version