රට ගොඩගැනීමට රජයට සජිත්ගෙන් සහය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර ඇත්තේ මේ අවස්ථාවේ රටට අවශ්‍ය මර්දනය නොව සංවර්ධනය බවයි.

රජයට අවශ්‍ය ඕනෑම අවස්ථාවක තනතුරු තාන්නමාන්න පිළිබඳ නොසලකමින් රට වැටී ඇති ආගාධයෙන් ගොඩගැනීමට සහාය ලබා දීමට  තමන් සූදානම් බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දී ඇත්තේ.

විපක්ෂ නායතවරයා මෙම අදහස් දක්වා ඇත්තේ මහරගම මුඛ සෞඛ්‍ය ආයතනය වෙත වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

එමෙන්ම විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ රටේ ජනතාව කන්න බොන්න නැතිව, බෙහෙත් නැතිව දුක් විඳින කාලයක තවමත් පාලක පන්තිය ගල්අඟුරු , ගෑස්වලින් වගේම හැමදේකින්ම ගසා කෑමට උත්සහ කරන බවයි.

Exit mobile version