කැබිනට් මණ්ඩලය රැස් නොවීම නිසා ඉන්ධන ඇතුළු හදිසි මිලදී ගැනීම් කිසිවක් වෙනුවෙන්
මුදල් වෙන් කිරීමට නොහැකිව ආර්ථික කටයුතු ඇණහිට ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසන බව වාර්තා වෙයි.
ජනාධිපතිවරයා සහභාගී නො වීම නිසා සඳුදා(11) දින පැවැත්වීමට නියමිතව තිබූ අමාත්‍ය
මණ්ඩල රැස්වීම දින නියමයක් නැතිව කල් යාමෙනුයි මෙම අර්බුදය උද්ගත වී තිබේ.
මෙම තත්වය යටතේ පක්ෂ නායක රැස්වීම හරහා ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය මිලදී ගැනීම් සඳහා
විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාට බලය පැවරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ
ඉදිරිපත් කළ යෝජනාව ද ප්‍රතික්ෂේප වී තිබේ.
අදාළ යෝජනාවට, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ විපක්ෂයේ පාර්ලිමේන්තු
මන්ත්‍රීවරුන් වන රවුෆ් හකීම් සහ එම්.ඒ.සුමන්තිරන් යන මන්ත්‍රීවරුන් විරෝධය පළ කර
තිබෙන්නේ, කැබිනට් අනුමැතියකින් තොරව කිසිදු සහතිකයක් ලබාදිය නො හැකි බැවින් යයිද සඳහන් වේ.
මෙම තත්ත්වය නිසා අත්‍යවශ්‍ය සේවා සියල්ල සියල්ල සපයා ගැනීම දින නියමයක් නැතිව ඇණ හිටීමෙන්, ජනතාව ඉදිරියේ දී අර්බුද රැසකට මුහුණ දීමේ අවදානමක් මතුව ඇතැයි ද වාර්තා වේ.
මේ අතර ඉංධන ලබා ගැනීම සදහා මුදල් ලබා ගැනීමටද නොහැකිව තිබේ.
එසේ ම, ජූලි මස 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා කාලයේ ශ්‍රී ලංකාවට පැමිණීමට
නියමිතව තිබූ ඔටෝ ඩීසල්, ඉන්ධන තෙල් සහ බොරතෙල් තොග තුනක් සඳහා මෙම ගෙවීම් වෙන්කර
තිබු බවද වාර්ථා වෙයි.
එම නෞකා තුන සඳහා ජූලි මස 12 දින ඩොලර් මිලියන 61.72ක් (රුපියල් බිලියන 22,650ක්)
ද, එදින ම තවත් ඩොලර් මිලියන 28.26ක් (රුපියල් බිලියන 10,371ක්) ද සහ ජූලි මස 17
දින ඩොලර් මිලයන 89.04ක් (රුපියල් බිලියන 32,678ක්) ගෙවීමටයි නියමිතව තිබේ.
අදාළ ගෙවීම් කිරීමට නොහැකි වුවහොත් තෙල් නැව් සඳහා ඉදිරිපත් කළ ඇණවුම් අවලංගු වන
අතර තෙල් සැපයුම ද තවදුරටත් ප්‍රමාද වනු ඇතැයි ද, මීට අමතරව නොරොච්චෝලේ බලාගාරය
සඳහා අවශ්‍ය ගල් අඟුරු ලබා ගැනීමට කැබිනට් අනුමැතිය අවශ්‍යව තිබුනද එයද මේ වන විටත් සිදුව නැත.
එසේ ඉංධන නොමැති වුවහොත් විදුලිය කැපීම දීර්ඝ විය හැකි බවද වාර්තා වේ.
