කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහා ලේකම් සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කර ඇත්තේ ඕනෑම මොහොතක පැවැත්වෙන මැතිවරණයකට මුහුණදීමට තම පක්ෂය සුදානම් බවයි.
එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ මන්ත්‍රීවරයා පරකාශ කර ඇත්තේ, මැතිවරණ කල් දැමීම සදහා තම පක්ෂය කිසිවෙකුටත් සහය නොදෙන බවත්, තම පක්ෂය කිසිදිනක මහජන මතයට බියේ පැන දුවන පක්ෂයක් නොවන බවත්, එසේම සමාජ මාධ්‍ය තුළ කුමන දේ පළ වුවත් ඡන්දයකදී ජනතා මනාපය ඉහළින්ම ලැබී තම පක්ෂය ජයග්‍රහණය කරනු ඇතැයි දැඩි විශ්වාසයක් පවතින බවත් ය.
කෙසේ වෙතත් දිනෙන් දින ජිවන වියදම ඉහළ යෑම නිසා සාමාන්‍ය ජනතාව කබලෙන් ලිපට වැටී ඇති පසුබිමක කෙසේ හෝ තම බලය තහවුරු කරගැනීමේ දැඩි උත්සහයක දේශපාලන පක්ෂ නිරත වන බව ඉතා පැහැදිළිය.
