රට පුරා හොර වෙදුන් හතලිස් දහස ඉක්මවයි.

රට පුරා ව්‍යාජ වෛද්‍යවරුන් 40,000 කට අධික ප්‍රමාණයක් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් සංජීව ප්‍රකාශ කළ බව වාර්තා වේ.

විවිධ අංශ නියෝජනය කරමින් මෙලෙස කිසිදු සුදුසුකමක් නොමැති ව රෝගීන්ට ප්‍රතිකාර කරමින් මෙම වෛද්‍යවරුන් බව කියන පුද්ගලයින් කටයුතු කරන බවද එම සංගමය අනාවරණය කර තිබේ.

වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටින පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට නීති ප්‍රතිපාදනවල යම් යම් ගැටලුකාරී තත්ත්වයන් තිබෙන හෙයින් එම ගැටලු නිරාකරණය කර ගැනීමට මේ වන විට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරමින් සිටින බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් අනාවරණය කර තිබේ.

Exit mobile version