ගල්කිස්ස ප්‍රදේශයේ නීතිවිරෝධී ලෙස විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන යමින් මුදල් වංචාකළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වේ.
පුද්ගලයින් විදේශගත කරන බව පවසා රුපියල් ලක්ෂ 42ක මුදලක් අදාළ ආයතනය මගින් වංචාකර තිබේ.
මෙම ආයතනයට විරුද්ධව පැමිණිලි 31ක් විදේශ සේවා නියුක්ති කාර්‍යාංශය වෙත ලැබී ඇති බව සදහන්.
ඒ අනුව විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයේ විශේෂ විමර්ශන අංශය මගින් මෙම ආයතනය පවත්වාගෙන ගිය පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.
