කැබිතිගොල්ලෑව කුරුලුගම ප්‍රදේශයේ විහාරස්ථානයක දායක සභාවේ සාමාජිකයකු නොවන අයෙකුගේ ආරාධනාව මත ධර්මදේශනයක් පැවැත්වීමෙන් මතු වූ ගැටුමක් පාලනය කිරීමට ගිය පොලිස් කණ්ඩායමකට ප්‍රදේශවාසීන් පිරිසක් පහරදී ඇති බව වාර්තා වේ .
පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරකට අනුව එය පාලනය කිරීමට ගිය පොලිස් කණ්ඩායමට විහාරස්ථානයේ හිමිනමක හා තවත් පිරිසක් විසින් මෙලෙස පහරදී තිබේ.
එම පහර දීමෙන් පොලිස් කොස්තාපල්වරුන් තිදෙනකු තුවාල ලබා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ද වාර්තා වේ .
