රත්නපුරේ දූෂිත පොලිස් නිලධාරීන් ළමා අපයෝජකයෙක් වූ චූදිතයාගේ නිවසේ.

රත්නපුරේ ලිංගික අපයෝජනයට ලක් වූ වින්ධිත සිසුවා පොලිස් ගැටයකින් අත්අඩංගුවට පත් වූ බව අප උදෑසන වාර්තා කළේය.

මෙසේ අත්අඩංගුවට ගත් සිසුවාට නොහොත් දරුවාට එරෙහිව චූදිත, දරුවන් 7 දෙනෙකුට වඩා ප්‍රමාණයක් අපයෝජනය කළ බවට සැක කරන ඇලෝසියස් විදුහලේ විදුහල්පතිවරයාගේ නිවසේ සිටින ඡායාරූප අප වෙත ලැබී තිබේ.

එසේම මෙම චූදිත විදුහල්පතිවරයා වෙනුවෙන් පෙනී සිටින රත්නපුරයේ පොලිස් නිලධාරීන් මීට පෙර මෙම පාසලට පැමිණි මාරසිංහ නමැති විදුහලපතිවර⁣යාටද බොරු නඩුවක් පැවරීමට මෙම පොලිස් කණ්ඩායම කටයුතු කර තිබේ.

දරුවෙකු, නව යොවුන් වියට පා තබමින් සිටින තරුණ දරුවෙකු අපරාධකරුවෙක් බවට පත්කරමින්, දරුවාගේ සිද්ධිය වූ මුල් අවස්ථාවේ සිටම විවිධ මානව හිමිකම් සංවිධාන ද සමඟ දරුවෙක් අපරාධකරුවෙක් බවට පරිවර්තනය කළ පොලිස් නිලධාරීන්ටත්, ළමා ආරක්ෂක අධිකාරියටද මාධ්‍ය ආයතනයක් ලෙස අපගේ බලවත් අප්‍රසාදය පලකරන්නෙමු.

එබැවින් අප මීට පෙර පලකල සියලු පුවත් ගෙන අදාළ පොලිස් නිලධාරීන්ට එරෙහිව දැන්වත් නීතිය ක්‍රියාත්මක කර එම තරුණ දරුවාට යුක්තිය ඉටුකළ යුතුය. එය එසේ වුවහොත් පමණක් රටට මානවවාදී මිනිසුන් බිහිවනු ඇත.

අප විසින් සහ වෙනත් මාධ්‍ය විසින් වාර්තා කරක ලද රත්නපුර ඇලෝසියස් විද්‍යාලයේ විදුහල්පතිවරයා අතින් අපයෝජනයට ලක් වූ බව කියවෙන එම පාසලේ වින්ධිත සිසුවා පසුගිය 22 වනදා රත්නපුර පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. රට වෙනුවෙන් දිවි පිදු රණවිරුවෙකුගේ පුතෙක් වන මෙම සිසුවාට එරෙහිව දුෂිත වැඩිහිටි ප්‍රජාවව
පාසලක විදුහල්පති විසින් වරක් නොමග යවන ලදී. මෙම සිසුවාට දිගින් දිගටම වෙනත් ගුරුවරුන්ගෙන්ද නින්දා මෙන්ම අපහාස ද විදීමට සිදුව තිබුණි. අපද ඒ පිළිබඳව දීර්ඝ කාලයක් තිස්සේ තොරතුරු එක්රැස් කරගන්නා ලදී.

එම සිසුවා ක්‍රිකට් කණ්ඩායමෙන් ද නෙරපා හැර තිබුණි. එම දරුවාට එය සිදුවන්නේ අදාළ චූදිත විදුහල්පතිවරයා අත්අඩංගුවට ගැනීමෙන් පසුවය. ක්‍රිකට් ක්‍රීඩාවෙන් තුන් ඉරියවෙන්ම දස්කම් පෑ මෙම සිසුවා එම කණ්ඩායමෙන් ඉවත් කළ පසු ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු නව ක්‍රිකට් කණ්ඩායමක් සකසා එම කණ්ඩායමට පැමිණෙන ලෙස දන්වා තිබේ. ඒ අනුව එම කණ්ඩායමේ පුහුණුවීම් සඳහා ගියද එම කණ්ඩායමේ නායකයා වන සිසුවෙකු කණ්ඩායමේ පුහුණුවීමට ඉඩ ලබා දී නැත. එසේම එම සිසුවාට දිගින් දිගටම එසේ කල බැවින් ඔවුන් දෙදෙනා අතර ආරවුලක් ඇතිව තිබේ. ඉන් අනතුරුව කණ්ඩායමේ නායකයා රෝහල් ගතව තිබේ. පසුව වැඩිහිටියන් විසින් එය කතා බහ කර සමතයකට පත්කරගෙන තිබේ. එහි විශේෂත්වය වන්නේ රෝහල් ගතව සිටි සිසුවාගේ දෙමාපියන් විසින්ම පැමිණ එය සමතයකට පත්කරගෙන තිබීමයි.


මෙම දරුවන් දෙදෙනා අතර ප්‍රශ්නය ඇතිවන ලෙස කටයුතු කර තිබෙන්නේ ඇලෝසියස් විද්‍යාලයේම ක්‍රීඩා අංශ භාර ප්‍රධානියෙකු විසිනි. මෙය සිදුවන්නේ 2023 අප්‍රේල් මසදීය. අවුරුදු 18 ක් වීමට පෙර සිදු වූ සිදුවීමට අවුරුදු 18 ක් වන විට පොලීසිය මඟින් අත්අඩංගුවට ගන්නේ තවත් කරුණු රාශියක් සමාජයෙන් වසන් කරමිනි.

මේ සිද්ධිය නැවත අලුත් කරනුයේ ඇලෝසියස් විද්‍යාලයේ ආදී සිසුවෙකු බව කියන උප පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් උදයකුමාර නමැති නිලධාරියෙකු සහ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති කාන්තා උප පොලිස් පරික්ෂක උත්පලා නැමති නිලධාරීන් විසිනි.

මෙම දෙදෙනා විසින් උපක්‍රමශීලිව මෙම දරුවාගේ දිවි තොරකිරිම සඳහා සැලසුම් සහගතව මෙම සිද්ධිය සිදුකර තිබෙන බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙකු අප හා පැවසීය. මොවුන් මේ සියල්ලම සිදුකරනුයේ හිටපු විදුහල්පති වෙනුවෙන් මෙය සිදුකර තිබෙන බවයි. එසේම නව විදුහල්පතිට රාජකාරි කිරීමට ඉඩ නොදෙන්නේද මෙම නිලධාරීන් හා එකතුව සිටින ගුරුවරුන් ඇතුළු කණ්ඩායමක් බවද ප්‍රකාශ කරන ලදී.

තමන්ගේ දරුවාට දිගින් දිගටම අසාධාරණයන් සිදුවන්නේ නම් රටේ වගකිව යුතු ස්ථානවලට ලිඛිතව පැමිණිලිකර දරුවාට ශක්තියක් වීම මවගේ සහ ඔවුන්ගේ ඥාතීන්ගේ වගකීමද වේ. එක ස්ථානයකින් යුක්තිය ඉටු නොවුනේ නම් ඉන් ඉහළ ස්ථානයත්, එතනිනුත් ඉටු නොවුනේ නම් ඉන් ඉහළ ස්ථානයටත් පැමිණිලි කිරීමටත් මේ සියලුම ස්ථානවලිනුත් දරුවාට යුක්තිය ඉටු නොවුනේ නම් අවසන් වශයෙන් අධිකරණය දක්වා යාමටත් වැඩිහිටියන් ලෙස දැනගෙන සිටිය යුතුය. එසේ නොවන විට තමන්ට පමණක් නොව රටටද හිමිවන්නේ නරක දරුවෙක් බව කාගේ කාගේත් මොළවලට නොදැනී තිබී අවසානයේ ඔහු සමාජ පිළිලයක් වූ පසු ඔහුට බන වැදී පලක් නැත. ඔහු අපරාධකරුවෙකු බවට පත්කර තිබෙන්නේ ඔහුගේ භාරකරුවන්, හිතවත් වැඩිහිටියන් මෙන්ම දුෂිත සමාජය විසින්මය.

කෙසේ නමුත් දරුවාට සිදු වූ සමස්ත සිද්ධි මාලාවත්, දරුවා වෙනුවෙන් පෙනී සිටි ගුරුවරුන්ට ආදී අයට සිදුව තිබෙන තර්ජන ගර්ජන ආදී සියලුම තොරතුරු නම් ගම් සහිතව සාක්ෂි සහිතවම සමාජ ගත කිරීමට අවශ්‍ය කටයුතු සිදුකිරීමට අප මේ වන විටත් සැලසුම්කර තිබේ.

දුෂිත ගුරුවරුන්, ඔවුන්ට උපකාර කරනා දුෂිත රාජ්‍ය නිලධාරීන් මෙන්ම තවත් දුෂිත දෙමාපියන් කණ්ඩායම් විසින්ම අප රටට විනාශකාරී දරුපරපුරක් බිහි කරමින් සිටින බැවින් උගත් බුද්ධිමත් සාධාරණ බලධාරීන් මේවා පිළිබඳව අවධානය යොමුකර ඒවාට අවශ්‍ය විසඳුම් ලබා නොදෙන්නේ නම් මතුපරපුර යනු ම්ලේච්ච පරපුරකි. එයට වගකිව යුත්තේ මේ පොඩි දරුවන් නොවේ. ඔවුන් එම අඝාදයට ඇද දැමු අද රටේ ගුරුවන්, රාජ්‍ය නිලධාරීන්, වැඩිහිටියන් පමණක් නොවේ ඔවුන් පත්කරගන්නා දේශාපලන නායකයන්ය.

මීට පෙර පල කරන ලද පුවතේ සබැදිය පහතින්

Exit mobile version