දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙක් වූ රන්ජන් ද සිල්වා ඝාතනයට සම්බන්ද සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව වාර්තා වේ.
සැකකරු 29 හැවිරිදි රත්මලාන ප්‍රදේශයේ පදිංචි මලිදු ලක්මාල් හෙවත් කොටිය නැමති පුද්ගලයකු බවයි වාර්තා වන්නේ.
මොහු විදේශ ගතව සිට පැමිණ සයුරපුර මහල් නිවාස සන්කිරණයේ සිටියදී ගල්කිස්ස අපරාධ විමර්ශන අංශය මගින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු මෙම ඝාතනයට ආධාර අනුබල දීම ඝාතනය සැලසුම් කිරීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන ඇති බව සදහන් වේ,
මන්ත්‍රී වරයා 2018 වසරේ ඝාතනය වි තිබුණි.
