කාන්තාවකගේ ගෙල බැදි රන්මාලයක් එම කාන්තාවගේ නිවසටම ගොස් පැහැරගෙන ගිය සැකකරුවකු නෙලුක්කුළම පොලීසිය මගින් ඊයේ (17) දින අත්අඩංගුවට ගෙන ඇතිබව වාර්තා වේ.
සැකකරු විසින් පසුගිය 14 වනදා මංකොල්ල කනලද මෙම රන් මාලයේ වටිනාකම රුපියල් 525000ක් පමණ වන බවයි වාර්තා වන්නේ.
සැකකරු වව්නියාව අන්නගීර් ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදිවියේ පසුවන බවයි වාර්තාවන්නේ.
අද (18) දින සැකකරු වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.
