අද (09) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොලේ කැරට් 24ක රන් පවුමක මිල සටහන් වූයේ රුපියල් 145,000ක් ලෙසයි.
එසේම කැරට් 22 රන් පවුමක ම්ල සටහන් වූයේ රුපියල් 134,000ක් ලෙසයි.
මෙම මස ආරම්භයේදී කොළඹ හෙට්ටිවීදිය රන් වෙළදපොලේ කැරට් 24ක රන් පවුමක මිල රුපියල් 184,000ක් ලෙසත් කැරට් 22 රන් පවුමක මිල 170,000ක් ලෙස සටහන්ව තිබූ අතර මෙම වසරේ මේ දක්වා රන් මිලේ ඉහළම අගය වාර්තා වූයේ ජනවාරි සහ පෙබරවාරි මසවලදීය.එය කැරට් 24ක රන් පවුමක් 193,000 ලෙසත් කැරට් 22ක රන් පවුමක මිල 178,500 ලෙසත් සදහන් වූ බවට වාර්තා වේ.
