රනිල්ගෙන් ධම්මිකට කනේ පාරක්

රනිල් – ධම්මික යුද්දය පසු ගිය දිනක කරලියට ආවේ අග්‍රාමාත්‍ය ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ” කැසිනෝ ” වලින් බදු අය කරගැනීමට පනතක් ඉදිරිපත් කිරිමත් සමගයි. එයින් කුපිත වූ ධම්මික පෙරේරා මහතා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කලේ රනිල් වික්‍රමසිංහ මුදල් ඇමතිකමෙන් ඉවත් විය යුතු බවයි. ඔහු රනිල්ට අභියෝග කළේය. ප්‍රසිද්ධ විවාදයකට ආරාධනා කළේය.

ඒ සටනින් දැන් ධම්මික පරාජයට පත්ව තිබේ. තම කූට ව්‍යාපාර සුරක්ෂා කරගැනීම වෙනුවෙන් රනිල්ට අබියෝග කල ඔහු යටතේ තිබුණු ආයතනද ඇතුළුව ආයතනද ඇතුළුව ආයතන 42 ක්‌ ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත් කිරීමට වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබේ. වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා වන්නේද ඔහුය.

Exit mobile version