රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වූ අවස්ථාවේ එරට අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා සහ විවිධ කණ්ඩායම් හමු වූ අතර ශ්‍රී ලංකාවේ ණය අර්බුධය විසදා ගැනීමට උපකාර කරන ලෙස ඉල්ලා තිබුණි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ සංචාරය කරන අවස්ථාව වන විට විවිධ කටයුතු සදහා ජපානයට සංචාරය කිරීමට ශ්‍රී ලාංකිකයන් විසින් ඉල්ලා තබූ වීසා අයදුම්පත් වලින් 90% ක්ම ප්‍රතික්ෂේප වෙමින් තිබූ බව අපට වාර්තා වී තිබූ අතර අප ඒවා රජයටද දැනුම් දී තිබුණි.
කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ සංචාරයෙන් පසුව මේ වන විට ශ්‍රී ලාංකිකයන්ට වීසා ලබාදීමේ කටයුතු පෙර තිබූ සාමාන්‍ය ආකාරයටම බාධාවකින් තොරව විසා අයදුම්පත් ලැබෙන බව වාර්තා වේ.