අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගිනි තැබූ බවට සැක පිට මේ වන විට තිදෙනෙකු අත් අඩංගුවට ගෙන තිබෙන ව්වාර්තා වේ. නමුත් එසේ සැක පිට අත් අඩංගුවට ගැනීමෙන් පලක් නැත. ඔවුන් එසේ කල බවට තහවුරු කර ගත යුතුය. අධිකරණයේදී ඉදිරිපත් වන සාක්ෂි මත වැරදිද, නැද්ද යන්න තීරණය මත යමෙකු අත් අඩන්ගුවට ගෙන පලක් නැත.
පරීක්ෂණය විධිමත් විය යුතුය. විශේෂ කාර්ය බලකාය ඇතුළු පොලිසිය එම ස්තානය අත් හැර පලා යන්නේ ඇයි?. පරීක්ෂණය විධිමත් විය යුතුය. ආරක්ෂක නිලධාරීන් පලා යන් බව පැහැදිලිවම වීඩියෝව තුලින් දර්ශනය වේ. එසේ නම් මෙතරම් ඉක්මනින් තිදෙනෙකු අත් අඩංගුවට ගත්තේ කෙසේද?. එසේම ආරක්ෂක නිලධාරින් මෙසේ පැන යන්නේ ඇයි. ඔවුන්ට එසේ එම ස්තානය අත් හැර යා හැකිද?. ඔවුන් එසේ රාජකාරිය පහර යන්නේ ඇයි. එබැවින් මේ සිදු වුයේ කුමක්ද යන්න ගොරක දඩමස් නොකර සෙවීම මෙන්ම රාජකාරිය පහර යන සියලුම නිලධාරින්ටද විරුද්ධව නීතිය ක්‍රියාත්මක විය යුතුය.
මේ සියල්ලම සදහා වගකීමට පොලිසිය බැදී සිටි. ආරක්ෂක අංශ පැන යන වීඩියෝව තුලින් ප්‍රශ්න ගනනාවක් සිතීමට ඉඩ සලසා තිබේ.
