අරගලයෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත්කළේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය ඇතිව රටේ ආර්ථිකය ස්ථාවර කර, ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට පමණක් බවත් වෙනත් ව්‍යාපාරයකට සහය දැක්වීමට එකග නොවූ බවත් පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතීඥ සාගර කාරියවසම් පවසයි.
මේ අතර, ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ සිට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා දක්වා කාලය තුළ ක්‍රියාත්මක නොකළ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සදාචාරාත්මක අයිතියක් නොමැති බවද සාගර කාරියවසම් මන්ත්‍රීවරයා පසුගියදා ප්‍රකාශ කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ භුක්ති විඳින්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ලබාදුන් ජනවරම බවද ඔහු පෙන්වා දුන්නේය.
