රනිල්ට අගමැතිකම ලබාදීමට තරම් මොලේ අමාරුවක් නෑ – අමාත්‍ය රෝහිත අබේගුනවර්ධන

මේ වන විට රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති දූරය ලබා දීමට තීරණය කර තිබෙන බවට රට පුරා කතා බහක් ඇතිව තිබේ.

නමුත් රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධූරය ලබා දීමේ කිසිදු සූදානමක් නොමැති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අවධාරණය කරයි.

අගමැති ධුරය සඳහා සුදුසුම පුද්ගලයා මේ වන විට එම තනතුර දරන බව පක්ෂයේ මහලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා කියා සිටි.

අගමැති ධූරය සහ ජාතික ආණ්ඩුවක් පිළිබඳව පළ වන වාර්තා පිළිබඳව අද පැවති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මෙම අදහස් පළකළා.

රනිල් වික්‍රමසිංහ මහතාට අගමැතිකම ලබා දීමට තරම් මොලේ අමාරුවක් සිය පක්ෂයේ කිසිවෙකුට නොමැති බව තමන් සිතන බවයි මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු දෙමින් අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසන ලදී.

Exit mobile version