සජිත් – අනුර ඇතුළු කණ්ඩායමේ උසි ගැන්වීම මත මේ වන විටත් දිගින් දිගටම රට තුල අරගලය ක්‍රියාත්මක වෙමින් පවතී. නමුත් මේ අවස්ථාවේ විය යුතු වන්නේ සියලුම දෙනාම එකතුව නව රජයක් නිර්මාණය කරමින් රට ගොඩ නගමින් මාස කිහිපයක් තුල මැතිවරණයකට යාමයි.
නමුත් කන්න බොන්න නැති, රැකියා දහස් ගනනක් නැතිව පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් වත් එකතු වෙන්න බැරි සිංහල ජනතාවගෙන් රට ඉදිරියට ගෙන යා හැකි ඉලක්කයක් නම් දැකිය නොහැකි වනු ඇත.
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සදහා ආණ්ඩුපක්ෂය සහ විපක්ෂය පිළිගන්නා අගමැතිවරයෙකු නම්කරන ලෙස වැඩබලන ජනාධිපති සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කතානායකවරයා වෙත දැනුම් දී තිබේ.
එසේම එම නිවේදනයට අනුව 11 වැනිදා අමාත්‍ය මණ්ඩලය සමග පැවති සාකච්චාවේදී එකග වූ අයුරින්ම සර්ව පාක්ෂික රජයක් පිහිටුවීමට එකග වූ වහාම එම රජයට වගකීම් බාරදීමට තමන් සූදානම් බවද එම නිවේදනයේ සදහන් වේ.
