රනිල් ජනාධිපති වෙයි. ඩලස්ගේ නාම යෝජනාව ස්ථීර කිරීම ඉවත් කර ගන්නවා- ජී. එල් . පීරිස්

අද දින ජනාධිපති තේරීමේ තරගයට අදාලව ඩලස් අලහප්පෙරුම මහතාගේ නම ස්ථීර කිරීමේ යෝජනාව ඉවත් කරගන්නා බව ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කල බව කියවෙන පුවතක් සමාජ මාධ්‍යවල සංසරණය වේ. එම පුවත පහතින්.

” ඩලස් ද්විත්ව පුරවැසියෙක්

ස්ථිර කිරීම ඉල්ලා අස්කර ගන්නවා

ජි.එල්. කියයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහපෙරුම මහතා ද්විත්ව රටවැසිභාවය සහිත හෙයින් ඔහු ජනාධිපති තනතුර සදහා සිදු කරන ලද යෝජනාවේ ස්ථිරත්වය ඉල්ලා අස්කර ගන්නා බව මහාචාර්ය ජි.එල්.පිරිස් මහතා පවසා තිබේ. අද පස්වරුවේ අමාත්‍ය ඩලස් අලහපෙරුම මහතා වෙත සහය දක්වන කණ්ඩායම සහ නිතිඥ කණ්ඩායමක් අතර ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් ඇතිවූ අවසාන තීරණයෙන් පසුව මහාචාර්යවරයා මේ බව සදහන් කර තිබේ. දෙරණ හිමිකරු දිලිත් ජයවීර මහතා විසින් මේ සදහා වන නිතිඥ කණ්ඩායම රැස් කර ඇති අතර එහිදී අවසාන නිගමනය වි ඇත්තේ ඩලස් අලහපෙරුම මහතා එක්සත් ජනපද පුරවැසිභාවය හිමි හෙයින් ඔහු තේරී පත් වුවද එහි වලංගුභාවයක් නොමැති බවය. මේ සදහා එක්සත් ජනපද තානාපතිනිය සමග සාකච්ඡා කරන ලද බවත් ලහි ලහියේ පුරවැසිභාවය ඉවත් කරගැනීමක් සිදු කර ගැනීම සදහා එරටේ නෛතික ප්‍රතිපාදන නොමැති බව තානාපතිනි ජුලී චුන්ග් මහත්මිය තමා වෙත සදහන් කරන ලද බව දිලිත් ජයවීර මහතා මෙහිදී ප්‍රකාශ කර තිබේ. කෙසේ වෙතත් අදාළ පුරවැසිභාවය අත්හැරීම සදහා වන අයදුම්පත ඩලස් අලහපෙරුම මහතා මේ වන විටත් යොමු කර ඇති බැවින් ජනාධිපති තනතුර සදහා එහි නෛතික අවුලක් නොමැති බව දිලිත් ජයවීර, විමල් විරවංශ මහත්වරු ප්‍රකාශ කර තිබේ. එහිදී උදය ගම්මන්පිල මහතා සදහන් කර ඇත්තේ එසේ වුවහොත් යළිත් අවලස්සන ඇමරිකානුවා යන චෝදනාව ඩලස්ට ඉදිරිපත් වනු ඇති හෙයින් මේ පිළිබදව සියලු දත්ත සගවා තබා ගන්නා ලෙසය. සියල්ල අවසානයේ දී මහාචාර්ය ජි.එල්. පිරිස් මහතා සදහන් කර ඇත්තේ. තමන් දන්නා නිතිය ප්‍රකාරව ඩලස් අලහපෙරුම මහතා වෙත මේ තනතුර ලැබුණද ඒ සදහා නුසුදුසුකමක් ඇති හෙයින් හෙට දිනයේ තමන් විසින් ඩලස් අලහපෙරුම මහතා නම් කරන ලද යෝජනාවේ ස්ථිරත්වය අවලංගු කරමින් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් නිකුත් කරන බවය”, ලෙස එහි සදහන් වේ.

කෙසේ නමුත් මේ පුවත අප විසින්ම තහවුරුකරගෙන නැත. මේ පුවත සත්‍යයක් නම් ස්ථීර වශයෙන්ම ජනාධිපතිවන්නේ රනිල් වික්‍රමසිංහ මහතාය. එසේ වුවහොත් දේශපාලනයේ සැගවුනු ගින්දර ගැන වෙනමම සොයා බැලිය යුතුය.

Exit mobile version