බ්‍රිතාන්‍ය පරිසර, ආහාර සහ ග්‍රාමීය කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් ධූරයේ කටයුතු කරමින් සිටි ශ්‍රී ලාංකීය සම්භවයක් ඇති රනිල් ජයවර්ධන සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට කටයුතු කර ඇත.
ඒ බ්‍රිතාන්‍ය නව අගමැති රිෂි සුනක් සිය ඇමති මණ්ඩල සංශෝධනය ආරම්භ කිරීමත් සමගය.
බ්‍රිතාන්‍ය හිටපු අගමැති ලිස් ට්‍රස්ට් විසින් පසුගිය සැප්තැම්බර් මාසයේ දී ඔහු බ්‍රිතාන්‍ය කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස පත්කර ඇති අතර එහි දී රනිල් ජයවර්ධන මහතා පරිසර, ආහාර සහ ග්‍රාමීය කටයුතු දෙපාර්තමේන්තුවට නායකත්වය දෙන අතරම බ්‍රිතාන්‍යයේ ආහාර සහ කෘෂිකාර්මික ප්‍රතිපත්ති භාරව ද කටයුතු කර ඇත.
රනිල් ජයවර්ධන මහතා මීට ඉහතදී ජාත්‍යන්තර වෙළඳ දෙපාර්තමේන්තුවේ කනිෂ්ඨ අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කළ අතර හිටපු අගමැති ට්‍රස්ගේ මුල් ආධාරකරුවෙකු ද වූ බව වාර්තා වේ.
2015 වර්ෂයේ දී රනිල් ජයවර්ධන මහතා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇත.
