📌රනිල්ගෙන් රාජ්‍ය නිලධාරීන්ට බලපෑම් – ආචාර්ය හරිනි අමරසූරිය
📌 අපේ පක්ෂේ හොරු මංකොල්ල කාරයෝ ඉන්නවා නම් ඔප්පු කරලා පෙන්වන්න
📌 මාලිමාව, මේ රට වනසපු හොරු හැමෝගෙම පොදු හතුරා වෙලා
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිවරණයට බියෙන් රාජ්‍ය නිලධාරීන්ට බලපෑම් සිදුකරමින් සිටින බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
ඇය සඳහන් කරන්නේ ජනාධිපතිවරයා විසින් පසුගිය දිනක රජයේ මුද්‍රණාලයාධිපතිවරිය ද කැඳවා මෙලෙස බලපෑම් කර ඇති බවයි.
මේ වට පිටාව තුළ කැබිනට් ලේකම්වරයා මෙන්ම රාජ්‍ය පරිපාලන ලේකම්වරයා ද මෙරට ජනතාවගේ ව්‍යවස්ථාපිත අයිතීන් සමඟ සෙල්ලම් කර ඇති බවත් ඒ සඳහා ඔවුන්ට නීතිමය වශයෙන් වගකීමට සිදුවනු ඇති බවත් හරිනි අමරසූරිය මන්ත්‍රීවරිය සඳහන් කර ඇත්තේ අන්තර්ජාල නාලිකාවක් සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්.
මේ අතර මංකොල්ලකෑම ගෙවල් ගිනි තැබීම් ආදී අපරාධයන් සඳහා ජාතික ජන බලවේගයේ සාමාජිකයන් සම්බන්ධ වී ඇත්නම් ඒවා සාක්ෂි සහිතව ඔප්පු කරන ලෙස ද ඇය පොලිසියට මෙහිදී අභියෝගයක් ද සිදුකර තිබෙනවා.
ජාතික ජන බලවේගයට විශාල ජනප්‍රසාදයක් නිර්මාණය වී ඇති මොහොතක වසර ගණනාවක් තිස්සේ මෙරට වනසා දැමූ කණ්ඩායම් සියල්ලේම පොදු හතුරා බවට ජාතික ජන බලවේගය මේ වනවිට පත්ව ඇති බව ද ඇය මෙහිදී සඳහන් කර තිබෙනවා.
කෙසේ වෙතත් ව්‍යවස්ථාවට අනුව පාලකයා වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රකාශ කලේ අවුරුදු තුනක් ඇතුලත නියම රටක් බිහිකර දෙන බවයි. දිගින් දිගටම අරගල කිරීමෙන් රටක් ගොඩනැගිය නොහැක. එබැවින් කල යුත්තේ මහජනතාව ආරක්ෂා කිරීම වෙනුවෙන් අවශ්‍ය සහයෝගය ජනාධිපතිවරයාට ලබා දීමයි.
