රඹුක්කන විරෝධතාකරුවන් පිරිසකට පොලිසියෙන් වෙඩි – අයෙක් මරුට

ඉන්ධන මිල ඉහළ නැංවීමට විරෝධය පල කරමින් අද මහනුවර කොළඹ දුම්රිය මාර්ගය රඹුක්කන ප්‍රදේශයෙන් අවහිර කරමින් විරෝධතාවක නිරත වූ පිරිසක් විසිරුවා හැරීමට රඹුක්කන පොලිසිය විසින් කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.

ඉන් අනතුරුව ජිව උණ්ඩ භාවිත කරමින් සිදුකළ වෙඩි තැබීමක් හේතුවෙන් මේ වන විට එක් පුද්ගලයෙකු මියගොස් ඇති බවයි කෑගල්ල රෝහල් ආරංචිමාර්ග සදහන් කරන්නේ.

මේ වන විට තුවාල ලැබූ පුද්ගලයින් 12 දෙනෙකු කෑගල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් සිවු දෙනෙකුගේ තත්ත්වය තරමක් බරපතල බවයි වාර්තා වන්නේ.

සිද්ධිය හේතුවෙන් තුවාල ලැබූ තවත් පුද්ගලයෙක් කෑගල්ල රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

මේ අතර රඹුක්කන නගරයේ රැදි සිටින විරෝධතාකරුවන් සහ පොලිසිය අතර මේ වන විටත් දැඩි උණුසුම් තත්ත්වයක් මතුවී ඇති අතර තවමත් වෙඩි හඬ ඇසෙන බවයි වාර්තා වන්නේ.

Exit mobile version