රඹුක්කන සිදුවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අවධානය.

රඹුක්කන විරෝධතාකරුවන්ට හානි සිදුවීම සම්බන්ධයෙන් වාර්තා මඟින් තමන් කනස්සසල්ලට පත්ව ඇති බව එක්සත් ජාතීන්ගේ මෙරට නේවාසික නියෝජිත හැනා සිංගර් ප්‍රකාශ කරයි.

කිසියම් හෝ පාර්ශ්වයක් විසින් ප්‍රචණ්ඩත්වය යොදා ගැනීම මගින් සාමකාමී විරෝධතාකරුවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන බවත් මහජනතාව ආරක්ෂා කරගැනීම සඳහා අවම බලය භාවිත කිරීම වැදගත් බවද ඇය පෙන්වා දෙනවා.

එමගින් මහජනතාව සිය මූලික නිදහස භාවිත කිරීමට ඇති අයිතිය ආරක්ෂා වන බවයි ඇය සිය නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

Exit mobile version