රාජකාරි අවුලකට ජීවිතයෙන් වන්දි

අද (27) උදෑසන තංගල්ල පොලිස් වසමේ වැලිආර,නෙතොල්පිටිය ප්‍රදේශයේදී කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කල බවට වාර්තා වේ.

එලෙස මියගොස් ඇත්තේ 30 හැවිරිදි ආර්.එම්.දීපිකා නැමැති එම ප්‍රදේශයේම කෘෂිකර්ම පර්යේෂණ නිලධාරිනියක් වශයෙන් කටයුතු කල විවාහක කාන්තාවක් බවට පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කර තිබේ.

පෙර දින පොහොර ඉල්ලා ඇති වූ ආරවුලක් දුර දිග යාම හේතුවෙන් එම ප්‍රදේශයේම පදිංචි 41 හැවිරිදි ජයවර්ධන පතිරණගේ සරත් නොහොත් ‘ඩැනී බේබි’ නමින් හදුන්වන පුද්ගලයෙකු විසින් ඇය අද උදෑසන රාජකාරි කටයුතු සදහා යමින් සිටියදී තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදු කර තිබේ.

ඝාතනය සම්බන්ධයෙන් ‘ඩැනී බේබි’ අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණ තංගල්ල මහේස්ත්‍රාත්වරයා විසින් සිදුකර පශ්චාත් මරණ පරීක්ෂණය සදහා මෘත ශරීරය තංගල්ල රෝහලේ තැන්පත් කර තිබේ.

Exit mobile version