රාජගිරියේ මාර්ගයක් වසා දැමේ.

රාජගිරිය ප්‍රදේශයේ මාර්ගයක් තාවකාලිකව වසාදැමීම පිළිබඳව මහජනතාව දැනුවත් කරමින් පොලීසිය නිවේදනයක් නිකුත් කර ඇති බව වාර්තා වේ.

එහි දැක්වෙන්නේ අද (30) සවස 5 සිට ලබන 04 වනදා අලුයම 5 දක්වා කාලසීමාව තුළ වැලිකඩ පොලිස් වසමේ රාජගිරිය පාර, මැද වැලිකඩ හන්දියේ සිට මාදින්නාගොඩ හන්දිය දක්වා කොටස එලෙස තාවකාලිකව වසා දමන බවයි.

ඒ, ජලනළ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බැවිනි.

ඒ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලීසිය දැනුම් දී තිබේ.

Exit mobile version