රාජගිරියේ සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යටතට.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නීති රීති වලට අනුකූලව අවම ඉන්ධන සංචිත පවත්වා නොගැනීම හේතුවෙන් රාජගිරිය සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යටතට පවරාගෙන ඇති බව වාර්තා වේ.

ඉන්ධනහලේ බෙදුම්කරු අවශ්‍ය පරිදි තොග ඇනවුම් නොකර මහජනතාව පීඩාවට පත් කර ඇති බැවින් අද උදෑසන ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් මෙම සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යටතට පවරාගෙන ඇති බව සදහන්.

Exit mobile version