හෙන්චයි රාජපක්ෂ පාලනය අවසන් කරන තෙක් සහ ඔවුන්ගේ අත වැසියන් ලංකා ඛනිජ තෙල් සංස්ථාව මෙන්ම විදුලි බලමණ්ඩලයේද තීරණ ගන්නා තෙක් ජාත්‍යන්තරය තුල හෝ දේශීයව රට ගැන විශ්වාශයක් ඇති නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික මහතා පවසන ලදී. ඔහු මේ බව ප්‍රකාශ කලේ ඊයේ (29) මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
එහිදී වැඩි දුරටත් කරුණු සදහන් කරමින් ඒ මහතා කියා සිටියේ මේ ගටලුව තවත් දරුණු වී රට ලේ ගංගාවක් වීමට ප්‍රථමව ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස් වී පැය 24 ක් ඇතුලත පාර්ලිමේන්තුව කැඳවා රහසිගත චන්දයකින් ජනාධිපතිවරයෙකු පත් කර ගත යුතු බවද, සර්ව පාක්ෂික පාලනයක් ඇති කල යුතු බවයි.
එසේම එළබෙන 25 වැනිදා ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 1000 ක් ස්වෛරී බැදුම්කරයක් ගෙවීමට තිබෙන බවද, ඩොලර් මිලියන 250 ක් අයිති සමාගමක් මේ වන විටත් ලංකාවට විරුද්දව නඩු පවරා තිබෙන බවද , එම නඩුවේ බලපෑම නිසා ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලැබීමද සැක සහිත බවද සදහන් කරන ලදී.
රට තුල නිෂ්පාදනය නැවතීම නිසා ජනතාව පීඩාවට පත් වීම ද ක්ෂේත්‍ර බිදවැටීම පිළිබදවද අදහස් දකබන ලදී. එසේම ආණ්ඩුව සිදුකල යුත්තේ ජනතාව වෙනුවෙන් වැඩි වශයෙන් ඉන්ධන ලබා දීමත් ජාල විදුලියේ ප්‍රතිලාබ දුප්පත් ජනතාව වෙනුවෙන් වැඩි වශයෙන් ලබා දීම බවද ප්‍රකාශ කරන ලදී.
එහිදී තිබෙන ප්‍රශ්නවලට විසදුම් ලබා නොදී පොලීසිය සහ හමුදාව යොදවා උද්ඝෝෂණ කිරීම නැවැත්වීම, මිනිසුන්ට ගෙදරට වෙලා ඉන්නයි පැවසීම ආදිය සිදුකිරීමෙන් පලක් නැති බවද සදහන් කරන ලදී. එසේම තිබෙන ප්‍රශ්නවලට විසදුම් තිබෙන බවද, නමුත් රාජපක්ෂවරු බලයේ සිටිනා තාක් කල් මේවාට විසදුම් නොලැබෙන බවද පෙන්වා දෙන ලදී.
මෙහිදී ඉනධන සහ ගෑස් ප්‍රශ්නයට රාජපක්ෂවරුන්ගේ මැදිහත්වීම නතරකල යුතු බවද, විදේශීය සමාගම් පැමිණෙන්නේ දේශපාලන හේතුවක් මත බවද, මේ අර්බුදයට රාජ්‍ය නිලධාරින්ද වගකිව යුතු බවද ආදී මෙරට තිබෙන ගැටළු සියල්ලම පාහේ පෙන්වා දෙන ලදී. එසේම ඒවාට විසදුම්ද ඉදිරිපත් කරන ලදී.
