දකුණු පළාතේ පොලිස් ස්ථානාධිපතිවරයෙකුගේ බවට විශ්වාස කළ හැකි හඬපටයක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතියි. එම හඩපටය තුලින් පොලිස්පති ඇතුලු උසස් පොලිස් නිලධාරීන් වැරදි ආකාරයෙන් උපදෙස් දී ඇති බව ප්‍රකාශවන අතර විශේෂ කාර්ය බලකාය සිදුකරන නීති විරෝදී වැඩ ගණනාවක්ද ප්‍රකාශ කරයි. එසේම නාමල් සර් සහ මහින්ද සර් ඉන්නකන් ඔහුව බෙලිඅත්තෙන් නොයන බවද ප්‍රකාශ කරයි. හඩ පටයට අනුව මෙය සිදුවන්නේ බෙලිඅත්ත පොලිසියේ බවට සිතිය හැකි වචනයක් එහි කියවේ
මෙම හඩපටය තුල එම පොලිස් නිලධාරියා රාජකාරිය නිසි ලෙස සිදුකල නිලධාරියෙකුට චෝදනාවක් එල්ලකරන ආකාරයක් අසන්නට ලැබේ. ඔහුගේ ප්‍රකාශය පහත සදහන් වේ.
“මෙහේ ඉන්නවා නම් මම කියන විදියට වැඩ කරන්න.මේ අවසාන අවවාදය, මොකද මට ලොකු මහත්තුරුන්ගෙන් බැනුම් අහන්න බෑ. තමුන්ට රේඩ් යන්න කියලා නෑනෙ තමුන් පී.බී.ආර්.එකේ ඉන්නේ. එහෙ මෙහෙ පැණලා තමුන් මේ..මේකෙ පැහැදිලිව කියලා තියනවා අරක්කු විකුණන එවුන් අල්ලන්න එපා කියලා.එහෙනම් තමුන් STF එකෙන් බෝතල් 400ක් දාලා ගියාට මට කරන්න දෙයක් නැහැනේ. එහෙනම් එපා. එපා කියලා මං හැම එකාටම කියලා තියන්නේ. ඒක මම කරපු දෙයක් නෙවෙයි. මගේ නියෝගයක් නෙවෙයි ඒක පොලිස්පතිතුමාගෙන් ඉහළින් ආව නියෝගයක්. එහෙම බැරි නම්කෙලින්ම දානවා තූත්තුකුඩියට. ඕන තැනකට යන්න. මම කියන්න මං පොලිස්පතිතුමාට කියලා මාරු කරනවා….
අනෙක් පොලිස් නිලධාරියා – සර් මෙහෙන් නියෝගයක් දාලා තිබ්බනේ.
අදාළ පොලිස් ලොක්කා – නියෝග දාල තිබ්බේ මත්ද්‍රව්‍ය අල්ලන්න මිසක් අරක්කු අල්ලන්න කියල නෙවෙයිනෙ තිබ්බේ. තමුන් කියන වැඩේ කොරනවා. දැන් මට මහ වදයක්නෙ ඕක. මට ඊට පස්සේ හතරවටේ කතා කරනවා එක එක්කෙනා. මේකෙ ඔක්කෝම ඉන් චාර්ජ්ල කතා කරලා මං කියලා තියනවා. මට හැම මේ රාලහාමි කෙනෙකුටම කියන්න බෑනේ. මේ අහවලා මෙහෙම කියලා තියනවා කියලා. එහෙනම් ඒක ඒ විදියට යන්න ඕන.
අනෙක් පොලිස් නිලධාරියා – ඊයේ සර් කීවෙත් නැහැනේ අපි යන්න….
අදාළ ඉහළ පොලිස් නිලධාරියා – තමුන්ට යන්න කිව්වේ නැහැනේ.තමුන්ට ඉන්චාජ් කෙනෙක් ඉන්නවානේ ඉන්චාර්ජ්ට කියලා තියනවානේ. තමුන්ලා දෙන්නෙක් මොකටද ගියේ.
අනෙක් පොලිස් නිලධාරියා – සර් කිව්වේ සර් යන්න කියලා.
අදාළ ඉහළ පොලිස් නිලධාරියා – සර් කිව්වා නම් මට කියන්න එපෑ. එහෙම දෙන්නයෑ හතර දෙනෙක් නම් හතර දෙනා යන්න ඕනි. ඉන්චාර්ජ්ලට කියලා තියන්නේ. ඒවා දැනගන්න ඕන. ඒක ඉතින් මෙහෙ විතරක් නෙවෙයි දැන් ලංකාවෙම එහෙම කියලා තියන්නේ. එහෙනම් ඒ කායන දේවල් එහෙම කරන්න. ”
මට ඕන දේවල් මෙතන කරන්න බැනේ.හරිද?තමුන්ට ඕන දේවල් කරන්නත් බෑ. මේ බෙලිඅත්ත,බෙලිඅත්තෙ නම් බෙලිඅත්තෙ විදියට ඉන්න. බැරිනම් යන්න.බැරිනම් මම යවනවා. කවුරු මොන සම්බන්ධකම් තිබුණත් කමක් නෑ මං අනිවාර්යෙන් යවනවා.මං මෙතනින් යන්නේ ඒ.එස්.පී වෙලා තමයි.එතකන් මං ඉන්නවා.කාටවත් මාව යවන්නත් බෑ.යවන්න පුළුවන් අගමැති තුමාටයි නාමල් සර්ටයි විතරයි.ඒ දෙන්නගේ කැමැත්තටනේ මං ආවේ මං ගත්තේ. එහෙනම් මං ඉන්නවා ඔය කාටවත් OIC වෙන්නවත් කාටවත් මෙහෙයන්නවත් කවුරු කපාගෙනවත් මෙහෙ එන්න බෑ කියලා දැනගන්න.අර්ජුන කපාගෙන එන්න ට්‍රයි කරන්නේ.අර්ජුනට බැරි වුණානේ.මම ආවේ බලෙන් නෙවෙයිනේ මං බලෙන් එව්වේ.එහෙනම් ඒ විදියට ඉන්න. වටයක් ගිහිල්ලනේ ආවේ. ආයෙ වටයක් ගහන්න තමයි වෙන්නේ. මාතර දිහා නවතින්නේ නැහැ ගාල්ල දිහා තමයි නවතින්නේ. ගාල්ල මාතර දිහා. එහෙ ඉන්න වෙයි ආයෙ. මොකෝ මම නෙවෙයි කතාකරන්නේ කතා කරන්න ඕනි තැන් වලින්. ඒ හින්දා මේ මට කියන්න තියන්නේ අහවලා කියන එක විතරයි. මං මෙච්චරකල් නිලධාරීන් ආරක්ෂා කරගෙන ප්‍රශ්න ඇතිකර ගන්නේ නැතිව ගෙනිච්චා.හරී. නිලධාරීන්ගේ පැත්තේ මම හැමවෙලේම හිටියා. එහෙනම් එපයි කියන ඒවා කරන්න එපා. STF එකට ඇවිල්ලා T56 දාලා යන්න පුළුවන් නම් ඒ.එස්.පී එකෙන් ඇවිල්ලා අරක්කු බෝතල් තුන් හාරසීය දාලා යන්න පුළුවන්නම් අපිට කරන්න බෑනේ. අපි මොකද කරන්නේ.”
කෙසේ නමුත් මෙම හඬපටයේ හිමිකරු කවුද?. කාහට කරන ලද ප්‍රකාශයක්ද යන්න පිළිබඳව අප තවමත් තහවුරු කරගෙන නොමැත.
