රාජ්‍ය බුද්ධි ප්‍රධානියා රාජපක්ෂලාගේ වැසිකිලි හෝදපු කෙනෙක්. ⁣

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 නාලිකාවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් අන්තර්ජාතික පරීක්ෂණයක් පැවැත්වීම අත්‍යාවශ්‍ය වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ඒ සම්බන්ධයෙන් කමිටු පත්කිරීමෙන් කිසිදු අරමුණක් ඉටු නොවන බවද මන්ත්‍රීවරයා පෙන්වාදුන්නේය.

“පාස්කු ඉරිදා ප්‍රහාරයට සුරේෂ් සලේ සම්බන්ධයි කියලා මම විශ්වාස කරනවා. ඔහු රාජපක්ෂලාගේ වැසිකිලි හෝදපු කෙනෙක්. 2019 වසරේ බෝම්බ ප්‍රහාරවලටත් සම්බන්ධයි,” ඔහු වැඩිදුරටත් පැවසීය.

Exit mobile version